කුමට ඵල දී විලිකුන්
නොලගීවි නම් විහඟුන්
කුමට විහිදී තුරු පත්
නොලා පොළොවට සෙවණක්
වෙලී නල හා ප්‍රේමෙන්
රඟන පොළොවේ මහ ගස්
මදෙස බලමින් තරහින්
"හැකිද උඹට ඉටු කරන්න සනුහරේ වගකීම ?"
ෆෑන් තටුවට රවමින්
කියම් මට මා රහසින්
" මා විකෘතියක් , සිදු කළ බලෙන් මිනිසුන් "

No comments:
Post a Comment