යන්තමට සොළොසක් පිරුණු දා
අප්පච්චි එක්කම ගාටලා
ලොකු ගෙයක සිවිලිම දිහා
බලා ඉද්දිම අප්පච්චී ගියා......
දෙක තුනක් දින ගත වෙලා
තනිකමට හිත පෑරුණා
ඉසිඹුවක් ඇත ඇත කියා
දා බින්දු මා හා හිනැහුණා
නින්ද පැදුරට එන තුරා
රිදෙන අත් පා සනසලා
ලද ඇසිල්ලක නෙත පුරා
පැනයක් තියා සිත දුර ගියා
හීනෙනුත් හිනැහෙන බේබිලා
දකින්නේ මොනවද කියා?
මමනම් දකින්නෙම,
අම්මලා අප්පච්චිලා .
No comments:
Post a Comment